ක්‍රීඩාවෙන් සමුගත් උපුල් තරංග යළිත් පිටියට ?

ශ්‍රී ලංකා සුපිරි ආරම්භක පිතිකරු උපුල් තරංග යළිත් ජාත්‍යන්තර පිටියේදි දැක ගැනීමේ අවස්තාව මෙරට ක්‍රිකට් රසිකයන්ට උදාවී තිබෙනවා.

ඒ එළඹෙන සැප්තැම්බර් 25 සිට නේපාලයේදී ඇරඹීමට නියමිත එවරස්ට් ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියේදීය. මෙම තරගාවලිය සඳහා උපුල් තරංග ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වේ.

T20 තරගාවලියක් වන එවරස්ට් ප්‍රිමියර් ලීග් තරගාවලියේ බයිරාහ්වා ග්ලැඩියේටර්ස් කණ්ඩායමට උපුල් තරංග ක්‍රීඩා කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා පිතිකරු දිනේශ් චන්දිමාල්ද එම කණ්ඩායම නියෝජනය කිරීම විශේෂත්වයක්.

එමෙන්ම ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක සීකූගේ ප්‍රසන්න තරගාවලියේදී චිට්වන් ටයිගර්ස් කණ්ඩායම නියෝජනය කරනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button