උපුල් තරංගගෙන් වේගවත් ශතකයක්

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කරන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ජය වාර්තා කිරීමට වෙස්ටර්න් වෝරියර්ස් කණ්ඩායම සමත් වුණා. ඒ ඊස්ටර්න් වෝරියර්ස් කණ්ඩායම ලකුණු 57කින් පරාජයට පත් කරමින්.

මෙහිදි සුවිශේෂී දස්කම් දැක්වූ වෙස්ටර්න් වෝරියර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු උපුල් තරංග වේගවත් ශතකයක් වාර්තා කළා. පන්දු 62කින් වාර්තා වූ ඔහුගේ නොදැවුණු ශතකයට යෝද හයේ පහර දෙකක් සහ හතරේ පහර 14ක් ඇතුළත් වුනා.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ දී කඩුලු 6ක් දැවී ලකුණු 177ක් ලබා ගත්තා. ගිහාන් කෝරලගේ ලකුණු 33ක්, බිෂාන් මෙන්ඩිස් ලකුණු 11ක් හා තිසර පෙරේරා ලකුණු 8ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේදී ඊස්ටර්න් වෝරියර්ස් කණ්ඩායම වෙනුවෙන් ළහිරු මදුෂංක, චතුරංග ද සිල්වා හා නායක අසේල ගුණරත්න එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඊස්ටර්න් වෝරියර්ස් කණ්ඩායමට පන්දුවාර 19.4ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 120ක් පමණයි.

එහිදි නායක අසේල ගුණරත්න ලකුණු 32ක් රැස් කළා.

මල්ක මදුෂංක කඩුලු 4ක් බිද හෙලූ අතර, ගිහාන් කෝරලගේ හා තිසර පෙරේරා කඩුලු 2 බැගින් දවා ගත්තා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button