විරාත් කෝලීත් හමු වී මවුබිමට අභිමානයක් ගෙනා වනිඳු සහ චමීර බැංගලෝර් කණ්ඩායමෙන් ඉවත් වේ!

මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීගයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් එක් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් වන වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර එම කණ්ඩායමේ ජෛව ආරක්ෂිත බුබුළෙන් ඉවත් කර තිබේ.

බැංගලෝර් කණ්ඩායමේ කළමණාකාරීත්වය පවසන්නේ ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කිරීම සඳහා මෙලෙසට ඔවුන් දෙදෙනා ජෛව ආරක්ෂිත බුබුළෙන් ඉවත් කළ බවයි.

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තීරණාත්මක අවසන් පූර්ව තරගය අද පැවැත්වෙනවා. ඒ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමගයි.

එම තරගය ජය ගතහොත් ඔවුන්ට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමග දෙවන අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීමේ අවස්තාව හිමිවෙනවා. එම තරගයත් ජය ගතහොත් ඔවුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමග අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබනු ඇති.

මෙලෙසට තීරණාත්මක තරග හමුවේ ඉවත් වීමට සිදු වූවත්, වනිඳු සහ චමීර මෙවර ඉන්දීය ප්‍රීමීයර් ලීගයට එක් වුනේ මෙවර තරගාවලියේ ඒ සඳහා එක් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනා ලෙසයි.

ඔවුන් දෙදෙනා සුපිරි ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලී සමග පුහුණුවීම් වල යෙදෙන අයුරු මින් පෙර සමාජජාලා වල කතාබහට ලක්වුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button