මංගල තරගයේදී විරාත් කෝලිට වඩා ලකුණු පහක් අඩුවෙන් වනිඳු දැවී යයි!

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුනා.

මෙම තරගයේදී ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් අයි.පී.එල් වරම් දිනා ගැනීම විශේෂත්වයයි. බැංගලෝර් නායක විරාත් කෝලි ක්‍රීඩා කළ 200 වැනි අයි.පී.එල් තරගය වූයේද මෙම තරගයයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් බැංගලෝර් නායක විරාත් කෝලි සමත් වූ අතර ඔවුන් තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

කෙසේ වෙතත් බැංගලෝර් කණ්ඩායමේ කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වීමට හැකි වූයේ නැහැ. පන්දුවාර 19ක් තුල ඔවුන් සියලූම දෙනා දැවී ගොස් ලබා ගත හැකි වූයේ ලකුණු 92ක් පමණි.

ආරම්භක කඩුල්ලේ සබදතාවය ලකුණු 10කට සීමා කරමින් නායක විරාත් කෝලි ලකුණු පහකට දැවී ගියා. වනිඳු හසරංග ලකුණු බිංදුවකට දැවී ගියේ තමන් මුහුණ දුන් පළමු පන්දුවටමයි. ඒ වරූන් චක්‍රවර්තීගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර දහයක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් සම්පූර්ණ කළා.

වනිඳු හසරංග යොමු කළ පන්දුවාර දෙකට ප්‍රතිවාදීන් ලකුණු විස්සක් ලබා ගැනීමට සමත් වුනා.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button