නව ශ්‍රේණිගත කිරීම් නිකුත් වේ – ලොව ඉහළින්ම වනිඳුට හිමි වූ ස්ථානය මෙන්න! (Breaking News)

නවතම ICC ශ්‍රේණිගත කිරීම් නිකුත් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය කටයුතු කර තිබේ.

මේ අනුව එහි T20 ආකෘතියේ පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ හිමි කර ගැනීමට යොවුන් ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග සමත්ව තිබෙනවා.

ඒ, මෙතෙක් අංක එක ස්ථානයේ රැදී සිටි දකුණු අප්‍රිකාවේ ටැබ්රයිස් ශම්සි දෙවෙනි ස්ථානයට ඇද දමමින්.

උපරිම දස්කම් දක්වමින් වනිදු හසරංග මේ වන විට ප්‍රසාද ලකුණු 776ක් ලබා ගෙන සිටිනවා.

එහි දෙවෙනි ස්ථානයේ පසුවට ශම්සිට හිමිව ඇත්තේ ප්‍රසාද 770ක් පමණි.

මේ වන විට පැවැත්වෙන T20 ලෝක කුසලාන තරගාවලියේදී කඩුලු 14ක් බිඳ දමමින් වනිඳු හසරංග කඩුලු ලාභීන් අතර පෙරමුණේ පසුවෙනවා.

එහිදී ඔහු දකුණු අප්‍රිකාවට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමද විශේෂත්වයක්.

එමෙන්ම T20 තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්හිද 4 වෙනි ස්ථානය හිමි කර ගැනීමටත් වනිදු හසරංග සමත්ව තිබීම විශේෂත්වයක්.

විරාත් කෝලිගේ යුගයට තිත තබමින් සීමිත ඕවර ආකෘති දෙකෙහිම ICC නොම්මර එකේ පිතිකරුවා ලෙසින් බාබර් අසාම් කිරුළු පැළඳීම විශේෂත්වයක්.

 

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button