පිතිකරුවන් අසරණ කළ වනිඳු හසරංග තැබූ නව ලෝක වාර්තාව!

මේ දිනවල පැවැත්වෙන අබුඩාබි ටී 10 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා යොවුන් දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සුවිශේෂී පන්දු යැවීමක් ප්‍රදර්ශනය කරමින් සිටිනවා.

තරගාවලියේ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කරන වනිඳු ඊයේ දින (1) බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ඔහු කඩුලු පහක් දවා ගැනීම විශේෂත්වයක්.

ඔහුගේ දෙවැනි පන්දුවාරය නිලකුණු පන්දුවාරයක් වූ අතර, එම පන්දුවාරයේ දී වනිදු කඩුලු 3ක් දවා ගැනීම කැපී පෙනුණා.

එහිදි වනිඳු විසින් නිලකුණු පන්දු වාරයක් යොමු කළ අතර මෙම තරග වාරයේ දී නිලකුණු පන්දුවාරයක් වාර්තා වූ පළමු අවස්ථාවද එයයි.

මේ වන විට තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වී සිටින වනිදු හසරංග මෙවර තරග වාරයේ දී කඩුලු 18ක් බිද හෙලා ඇති අතර, එය අබුඩාබි ටී 10 තරග වාරයකදී ක්‍රීඩකයෙකු දවා ගත් වැඩිම කඩුලු සංඛ්‍යාවේ වාර්තාව සම කිරීමක්ද වනවා.

මෙම වාර්තාව බිඳ හෙළීමට වනිඳුට තවත් තරග කිහිපයක්ම ඉතිරි වී තිබේ.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 140ක් රැස් කළා.

වනිඳු හසරංගගේ සුපිරි පන්දු යැවීම හේතුවෙන් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට පන්දුවාර 8.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 78ක් පමණයි.

එහිදි ඉසුරු උදාන පන්දු 11කින් ලකුණු 33ක් ලබා ගත්තේ හයේ පහර 2ක් හා හතරේ පහර 5ක් සමගින්.

ඊයේ වනිඳුගේ පන්දු යැවීම,

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button