වනිඳු හසරංගට I.P.L තරගාවලියෙන් ලංසුවක් – විනාශ වීමට I.P.L නොයන්නයි ප්‍රබලයන්ගෙන් උපදෙස්

මේ වනවිට විස්සයි විස්ස පිටියේ සුපීරි දස්කම් දක්වමින් ජාත්‍ය්නතර ශ්‍රේණිගත කිරීම වල තෙවෙනි ස්ථානයේ පසුවන වනිඳු හසරංගට ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ අවදානය හිමිව තිබෙනවා. ඒ මේ වනවිට පැවැත්වෙන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරගාවලියේදි වනිඳු දස්කම් දැක්වීමත් සමගයි.

මේ අනුව කණ්ඩායම හිමිකරුවන්ගේ අවදානය දිනාගත් වනිඳුට එළඹෙන අයි.පී.එල් වෙන්දේසියේදි ඉහළ වටිනාකමක් හිමිවනු ඇති බවට දැනටම තොරතුරු වාර්තා වෙමින් තිබේ. සාමාන්‍යයෙන් ඉන්දීය කණ්ඩායමට එරෙහිව දස්කම් දක්වන ක්‍රීඩකයන්ට ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ඉහළ ලංසු හිමිවෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙක් වනිඳු හසරංගට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී නොවන ලෙසට උපදෙස් ලබා දී තිබෙන බව වාර්තා වෙනවා. එහිදි එම හිටපු නායකයා පවසා තිබෙන්නේ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය තුලදි ඉන්දීය පිතිකරුවන්ට දැල් තුලදී පවා පන්දු යැවීමට සිදුවන බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button