පිට පිට තෙවන වතාවටත් ක්‍රීඩා පිටියට පැන වැදුනු ජාර්වෝට අත් වූ ඉරණම

මේ දිනවල පැවැත්වෙන ඉන්දියාව සහ එංගලන්තය අතර ටෙස්ට් තරගාවලියේ ක්‍රීඩා පිටියට කඩා වැදීම නිසා ජනපරිය වූ “ජාර්වෝ” නම් එංගලන්ත රසිකයා අත්අඩංගුවට පත්ව තිබේ.

ඩැනියෙල් ජාවිස් නම් මෙම එංගලන්ත රසිකයා ‘ජාර්වෝ’ නම් ටී ෂර්ටයක් පැළඳ ක්‍රීඩා පිටිය ආක්‍රමණය කිරීම තරගාවලියේ සුලභ දසුනක් වූවා.

පසුගිය දින ලන්ඩන් නුවර කෙනින්ස්ටන් ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේත් ඔහු මෙලෙසට ක්‍රීඩා පිටියට පැන වැදීමෙන් පසු ඔහු මෙලෙසට අත්අඩංගුවට පත්ව තිබුනා. මෙම ටෙස්ට් තරගාවලිය තුල ජාර්වෝ ක්‍රීඩාංගනය තුළට කඩා වැදුනු තෙවන අවස්තාව මෙයයි.

පසුව ක්‍රීඩාංගනයේ ආරක්ෂක නිළධාරීන් විසින් ඔහුව සිය භාරයට ගත් අතර, පසුව පොලිස් අත්අඩංගුවට පත් වුණා. ඉන්පසුව ඔහු පහර දීමේ චෝදනාවක් මත සැකපිට අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව ස්කොට්ලන්ඩ් යාඩ් පොලීසිය නිවේදනය කරනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button