සනත් ජයසූරියට, අරවින්දට, අර්ජුනට ICC Hall OF Fame නොලැබුනු සැබෑම හේතුව රසිකයෙකුගේ ඇසින්!

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් ලොව බිහි වූ විශිෂ්ඨතම ක්‍රීඩකයන්ට ලබා දෙන ICC HALL OF FAME සම්මානය පසුගිය දින මෙරටින් බිහිවූ හිටපු ක්‍රීඩකයන් දෙදෙනෙකු කුමාර් සංගක්කාරට සහ මහේල ජයවර්ධනට හිමි වුනා.

කෙසේ වෙතත් මෙරටින් බිහිවූ විශිෂ්ඨතම ක්‍රීඩකයන් වන සනත් ජයසූරිය, අරවින්ද සිල්වා සහ අර්ජුන රණතුංගට එම සම්මානය නොලැබීම බොහෝ රසිකයන්ට ගැටලුවක් වී තිබුනා.

එහිදි ඇතැමෙක් ප්‍රකාශ කර තිබුනේ සනත් ජයසූරියට මෙම සම්මානය හිමි නොවන්නේ ඔහු විසින් මින්පෙර අයි.සී.සීය විසින් සිදු කළ විමර්ෂණයකට සහය පළ නොකිරීම නිසා යැයි ඇතැමෙකු විසින් මත පළ කර තිබේ.

කෙසේ වෙතත් මින්පෙර අයි.සී.සීය විසින් තහනම් උත්තේජක චෝදනාවකට වැරදිකරු වූ ශේන් වෝර්න් හට පවා ICC HALL OF FAME ගෞරව සම්මානය ලබා දී තිබේ.

එමෙන්ම එවැනි කිසිම ගැටලුවක් නොමැති ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ඨතම ක්‍රීඩකයන් වන අරවින්ද සිල්වාට සහ අර්ජුන රණතුංගටත් තවමත් ICC HALL OF FAME සම්මානය හිමිව නැත.

ඒ පිළිබඳව රසිකයෙකු ෆේස්බුක් වෙබ් අඩවියේ අපූරු සටහනක් තබා තිබුනි.

එම සටහන පහතින්,

සනත් ජයසූරීයට ICC Hall of Fame නොලැබුනේ ඔය වෙන කිසිම බයිලයක් නිසා නෙවෙයි. ICC පොලිටික්ස් වල මාකටිං කෑල්ල නැති නිසා..

සංගක්කාරට, මහේලට ලැබෙන්නේ ඔවුන්ට ඒක තියෙන නිසා..

සනත්ට ඔය ප්‍රශ්න නිසා නම් නොලැබුනේ සනත් වගේම ඒකට සුදුසු අරවින්ද, අර්ජුන, ඩිල්ෂාන්ටත් ලැබුනේ නෑ.

ඔය තනතුරු ලැබෙන්න නම් හරියටම ක්‍රිකට් ගහලා මදි. ඉංග්ලිෂ් ස්පීකින් MCC VIP ක්‍රව්ඩ් එකත් ඉන්න ඕන. සනත්ලා හරියටම ක්‍රිකට් ගහලා රටට මැච් දිනවලා ඒ වැඩේ හරියට කළා.

ඊටපස්සේ තමන්ගේ පාඩුවේ විනෝදෙන් හිටියා මිසෙක ICC ක්‍රිකට් පොලිටික්ස් කරන්න ගියේ නෑ. සනත්ලට වතුර වගේ ඉංග්‍රීසි කතා කරන්න බෑ. සනත්ලට ඕනකමකුත් නෑ.

අරවින්දලා ලෝකේ බිහි වෙච්ච හොදම ක්‍රීඩකයො. හැබැයි අරවින්දලා ග්ලෝබල් එලීට් ක්ලබ් එකට සම්බන්ධ නෑ. මෙහේ දෙයක් කරගෙන ඉන්නවා.

සනත්ලට MCC VIP ඩිනර් වලට ගිහින් ඉංග්‍රීසි ජාතිකයො එක්ක ගෝල්ෆ් ගැන කතා කරනවට වඩා, ලංකාවේ ඉදන් සිංහලෙන් මාධ්‍යකට කතා කරලා රසල්ලත් එක්ක ෆන් එකේ ඉන්න එක ආතල්.

ඒ නිසා සනත්ලා ICC HALL OF FAME කොලිෆයිඩ් නෑ. ඉතින් සනත්ට ICC HALL OF FAME නොලැබෙන්නේ ඒකයි. වෙන බයිලා නිසා නෙවෙයි.

වෙන බයිලා නුසුදුසුකමක් නම් ඩොපිං චාර්ජ් වුන ශේන් වෝර්න්ටත් ICC HALL OF FAME ලැබෙන්නේ නෑ.
අරවින්ද සිල්වාට මේ වෙද්දි දෙපාරක් ලැබිලා.

ඒ නිසා සනත් HALL OF FAME නොවෙන්නේ වෙන බයිලා නිසා කියලා කියන්නේ ක්‍රිකට් සහ ග්ලෝබල් පොලිටික්ස් නොදන්න මිනිස්සු!

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button