ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමෙන් ලෝක වාර්තාවක්!

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරගය මේ වනවිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදි පැවැත්වෙනවා.

එහිදි ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු නවයක් දැවී ලකුණු 384ක් රැස් කර සිටිනවා. ඒ සඳහා දිමුත් කරුණාරත්න සහ පැතුම් නිස්සංක පළමු කඩුල්ල සඳහා ශතක සබදතාවක් පිහිට වීම ප්‍රබල හේතුවක් වුනා.

එම ශතක සබදතාවයත් සමඟ 2018 වසරේ සිට ටෙස්ට් තරගවල වැඩිම අවස්ථා ගණනක දී ආරම්භක කඩුල්ල සදහා ශතක සබදතාවයන් ගොඩ නගා ඇති රට බවට ශ්‍රී ලංකාව තවදුරටත් පත්ව තිබෙනවා.

එම කාල සීමාවේදී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම මුල් කඩුල්ල සඳහා ශතක සබදතා 7ක් ගොඩ නගා තිබේ. ඒ සඳහා ඔවුන් තරග තරග 31ක් වැය කර තිබේ.

2018 වසරේ සිට වැඩිම ශතක සබදතා පිහිටුවා ඇති රටවල් අතර දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට ප්‍රබල ටෙස්ට් රටවල් වන ඔස්ට්‍රේලියාව, එංගලන්තය හා නවසීලන්තය සමත්ව තිබේ. ඒ, ශතක සබදතා 4 බැගින් වාර්තා කරමින්.

ඔස්ට්‍රේලියාව තරග 27කදී ද, එංගලන්තය තරග 46කදී ද, නවසීලන්තය තරග 25කදී එම ශතක සබදතා ප්‍රමාණය ආරම්භක කඩුල්ල සදහා ගොඩ නගා තිබේ.

ඉන්දියාව සහ පාකිස්තානය ආරම්භක කඩුල්ල සදහා මෙම කාල සීමාවේදි ගොඩ නගා ඇත්තේ ශතක සබදතා 3ක් පමණක් වීම විශේෂත්වයක්.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button