ඉන්දියානු උපක්‍රමය ජය ගනියි – වැස්ස නිසා පැරදීමට තිබූ ලෝක කුසලානයක් හිමි වන ලකුණු

අයි.සී.සී ටෙස්ට් ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ සිවු වෙනි දිනය අදයි.

කෙසේ වෙතත් තරගය ඇරඹී පැය තුනක් ගතව ඇතත් තවමත් තරගය ආරම්භ කිරීමට හැකියාවක් ලැබී නැහැ. ඒ වර්ෂාව හේතුවෙනි.

තරගය ආරම්භ වී තවමත් දින හතරක් ගතව ඇතත් තවමත් ක්‍රීඩා කර ඇත්තේ එක් ඉනිමක් පමණයි. සිය පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්‍තය කඩුලු දෙකක් දැවී ලකුණු 101ක් රැස් කර සිටිනවා.

තරගයේ පළමු දිනයත් සම්පූර්ණයෙන්ම වර්ෂාවට සේදි ගියා. තරගයට එක් අතිරේක දිනයක් තිබුනද සම්පූර්ණ තරගයක් ක්‍රීඩා කිරීමට ඉඩක් නොලැබෙන තත්ත්වයකුයි පවතින්නේ. යම් කිසි හේතුවක් මත මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවහොත් කණ්ඩායම් දෙකටම සම ශූරතාවය හිමි වීම නීතියයි.

නවසීලන්තය සහ ඉන්දියාව අතර අවසන් මහා තරගය පැවැත්වුනත්, එහි වැඩි වාසිය හිමිවන්නේ නවසීලන්තයටයි. එංගලන්තයට සත්කාරකත්වය හිමිව තිබු අවසන් මහා තරගයට සවුත්හැම්ප්ටන් ක්‍රීඩා පිටිය තෝරා ගැනීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය බලපෑම් කර තිබූ බව වාර්තා වූවා.

එයට හේතුව වන්නේ මෙම ප්‍රදේශයට මෙම කාලය පුරාවටම දැඩි වර්ෂාවක් ඇද හැලෙන බවට කාලගුණ වාර්තාවේ සඳහන් වීමයි. පරාජයක් ලැබීමට වැඩි ඉඩක් තිබූ තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කර සම ශූරතාව දිනා ගැනීම ඔවුන්ගේ අභිලාෂය වී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button