නවසීලන්තයට වැඩි වාසි හිමි කර දෙමින් ටෙස්ට් ලෝක ශූරතාවයේ තෙවන දිනය අවසන්

පළමු වරට පැවැත්වෙන අයි.සී.සී ටෙස්ට් ලෝක ශූරතාවයේ අවසන් මහා තරගයේ තෙවන දිනය ඊයේ දිනය අවසන් වුනා.

තෙවන දිනය අවසන් වෙද්දි සිය පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 101ක් ලබා සිටියි. කඩුල්ලේ රැදි සිටින නායක කේන් විලියම්සන් ලකුණු 12 ක් රැස් කර සිටින අතර සහ රොස් ටේලර් තවමත් ලකුණු ලබා ගෙන නැත.

නවසීලන්ත පළමු කඩුල්ල ලෙස ලකුණු 70ක් වෙද්දී ආරම්භක පිතිකරු ටොම් ලේතම් රවින්චන්ද්‍රන් අශ්වින්ගේ පන්දුවක් හමුවේ දැවී ගියා

සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 217 කට දැවී ගියා. ඉන්දියාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ නායක විරාත් කෝලී ලකුණු 44ක් රැස් කළා.

නවසීලන්තය වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ කයිල් ජේමීසන් කඩුලු පහක් දවාගෙන ඉන්දීය ඉනිම කඩා වැටීමේ ප්‍රධාන හේතුව වුනා.

ඉන්දියාව – පළමු ඉනිම 217 යි
(රෝහිත් ෂර්මා 34, ෂුබ්මන් ගිල් 28, විරාට් කෝලි 44, අජින්ක්‍යා රහනේ 49, රවීන්ද්‍ර ජදේජා 15, රවිචන්ද්‍රන් අශ්වින් 22, ටේ‍රන්ට් බෝල්ට් 47/2, කයිල් ජැමීසන් 31/5)

නවසීලන්තය – පළමු ඉනිම කඩුලු 2 ක් දැවී 101
(ටොම් ලෙතම් 30, ඩොවොන් කොන්වේ 54)

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button